කවුද මේ කමාන්ඩෝ රංග

වෙඩිතැබීම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ බවට සැකකෙරෙන ,කමාන්ඩෝ රංග, නැමැති පුද්ගලයා බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා.

සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාගේ අධීක්ෂණය යටතේ සිදුකළ විමර්ශනවලින් අනතුරුව සැකකරු අපරාධ සඳහා භාවිත කළ බවට සැකකෙරෙන රිපීටර් වර්ගයේ ගිනිඅවියක් ද සොයාගත් බව පොලීසිය පවසනවා.

පසුගියදා මිනුවන්ගොඩ ප්‍රදේශයේදී කෙහෙල්බද්දර පද්මේගේ සමීපතමයෙකුට වෙඩිතබා තුවාල සිදුකිරීමේ සිද්ධියට ද මෙම සැකකරුගේ සම්බන්ධයක් ඇති බවට පොලීසිය සැක කරන බව සඳහන් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *