කවුරු ගැනද මේ හිරුණිකා කියන්නේ?

2025 පළාත් පාලන මැතිවරණය සඳහා කොළඹ මහ නගර සභාවට සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වෙනවා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අද (10) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මාධ්‍යවේදියෙක් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව සඳහන් කර තිබෙනවා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා එම නගර සභාවට ඉදිරිපත් කිරීම සඳහා මේ වන විට පක්ෂය තුළ යෝජනා වී ඇති බව ඇය එහිදි පවසා තිබෙනවා.
