ට‍්‍රම්ප්ගේ මීලඟ ඉලක්කය කව්ද?

අප්‍රිකානු රාජ්‍යයක් වන සෝමාලියාවේ ක්‍රියාත්මක ඉස්ලාමීය අන්තවාදී කල්ලිය වෙත ගුවන් ප්‍රහාර එල්ල කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට, ට‍්‍රම්ප්ගේ එම ප්‍රකාශයත් සමග සෝමාලි හමුදාව සිය මෙහෙයුම් ද පුළුල් කර තිබෙනවා. සෝමාලියානු භූමියෙන් වැඩි කොටසක් මේ වනවිට අවිගත් කල්ලිවල පාලනය යටතේ පවතින අතර, එය ගෝලීය සාමයට දැඩි හිසරදයක් බව සත්‍යයක්.
ඒ අනුව, සෝමාලියාවේ ක්‍රියාත්මක ඉස්ලාමීය අන්තවාදී කල්ලිය ඉලක්ක කරගෙන ගුවන් ප්‍රහාර එල්ල කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙන අතර, .ඞ.පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති ට්‍රම්ප් පවසා ඇත්තේ, සෝමාලියාවේ ෂී නායකත්වය තම ඉලක්කය බවයි.
මේ වනවිට ඔහු සෝමාලියාවේ උතුරු කලාපයේ සැඟවී සිටින බව වාර්තා වෙන අතර, එරට පුන්ට්ලන්ඩ් ප්‍රාන්තයේ දැනටමත් ගැටුම් පවතින බැවින් එහිදී ෂී භූමි අත්පත් කරගනිමින් ඉදිරියට යාමට පුන්ට්ලන්ඩ් ආරක්ෂක බලකා සමත්ව සිටින බව වාර්තා වෙනවා.