කව්ද එතකොට මේවා භුක්ති විඳින්නේ

ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතු යානා තුනක් වසර ගණනාවක් පුරා භාවිතයට නොගෙන තිබිය දීත් ඒ සඳහා මසකට ඩොලර් ලක්ෂ 9 ක මුදලක් වාරික වශයෙන් ගෙවා ඇති බව අද (25) පාර්ලිමේන්තුවේ දී සංවාදයේදී හෙළි වී තිබෙනවා.

මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා අද පාර්ලිමේන්තුවේ දී මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ අතර, ශ‍්‍රී ලන්කන් ගුවන් සේවය සතුව ඇති සමස්ත ගුවන් යානා සංඛ්‍යාව 22ක් බව එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරනවා.

මේ වනවිට ප්‍රධාන ගුවන් සේවයට අදාළව සේවකයින් 3,194 ක් සහ ක්‍රමෝපායික ව්‍යාපාර ඒකක වල සේවකයින් 2,862 ක් සේවය කරන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පවසන අතර, ගුවන්සේවය ශක්තිමත් කිරීමේ අරමුණින් 2025 සිට පස් අවුරුදු සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බවද පැවසු හර්ෂණ සූරියප්පෙරුම මහතා, අමාත්‍යාංශය විසින් මෙම සැලසුම් සම්බන්ධයෙන් විමර්ශනය කරමින් සිටින බව ද සඳහන් කරනවා.

ඒ අනුව ගුවන්සේවය විසින් මෙහෙයුම් ලාභදායිතාවය හා රජයේ සහයෝගීතාවය මෙම වසර 5 තුළ බලාපොරොත්තු වන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *