අගමැති මෝදි මියන්මාර් හමුදා නායකයා හමුවුණේ ඇයි

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, මියන්මාරයේ හමුදා නායකයා හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

තායිලන්තයේ පැවැත්වෙන බිම්ස්ටෙක් සමුළුවට සමගාමීව මෙම හමුව සිදුවී ඇති බව
ඉන්දීය මාධ්‍ය සඳහන් කර තිබෙනවා.

එහිදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි භූ කම්පනයෙන් ජීවිත හා දේපළ අහිමි වූ මියන්මාර වැසියන් වෙත ශෝකය ප්‍රකාශ කර ඇති බවත්, මෙම තීරණාත්මක අවස්ථාවේ මියන්මාරයේ ජනතාවට උපකාර කිරීමට ඉන්දියාව හැකි සෑම පියවරක්ම දරමින් සිටින බවද අගමැති මෝදි පවසා තිබෙන බව එම මාධ්‍ය වාර්තා කරනවා.

එමෙන්ම මෙම හමුවේදී, නායකයින් දෙපළ ඉන්දියාව සහ මියන්මාරය අතර ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව ද සාකච්ඡා කර ඇති බව වාර්තා වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *