ජනපති හදිසියේම මහනුවරට ගියේ ඇයි?

සිරි දළදා වන්දනාවට සහභාගීවීමට පෝලිම්වල රැඳීසිටින ජනතාව හමුවීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (24) හදිසියේම ප්‍රදේශයේ සංචාරයක නිරත වී තිබෙනවා.

සිරි දළදා වන්දනාවට එක්වීම වෙනුවෙන් ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන් පිරිසක් මේ වනවිටත් දිගු පෝලිම්වල රැඳී සිටිනු දක්නට ලැබෙනවා.

එම ජනතාවගේ අවශ්‍යතා විමසා බැලීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ රාත්‍රියේ මෙලෙස ස්ථාන කිහිපයක සංචාරය කර තිබෙන බව වාර්තා වෙනවා.

මේ අතර පෝලීම්වල රැඳී සිටින ජනතාව වෙනුවෙන් ඊයේ රාත්‍රියෙත් දන්සල් ක්‍රියාත්මක කෙරුණු අතර, සිරි දළදා වන්දනාව 8 වන දිනටත් අද 25 ආරම්භ කිරීමට නියමිතයි.

ඒ අනුව, සිරි දළදා වන්දනාව පෙරවරු 11 සිට ආරම්භ කිරීමට නියමිත බව සඳහන් වෙනවා.

කෙසේ වුවත්, බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ වනවිටත් මහනුවර ප්‍රදේශයට ලක්ෂ 4 ක සැදැහැවතුන් පිරිසක් පැමිණ ඇති බැවින් අද දිනයේත් මහනුවරට නොපැමිණෙන ලෙසයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *