කොහොමද කොළඹ විතරක් එහෙම වුණේ

2025 පෙබරවාරි මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය (කො.පා.මි.ද.) සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය තව දුරටත් පහළ ගොස් තිබෙන බව වාර්තා වෙනවා.

ඒ අනුව, කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 2025 පෙබරවාරි මාසය සඳහා -4.2% ක් දක්වා අඩු වී ඇති බව, ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙනවා. එය 2025 ජනවාරි මාසය සඳහා -4.0% ක් ලෙස වාර්තා වී තිබුණු බවත් එහි සඳහන් වෙනවා.

2025 පෙබරවාරි මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය) -0.2% දක්වා වැඩි වී ඇති අතර, 2025 ජනවාරි මාසයේ දී එය වාර්තා වූයේ -2.6% ක් ලෙසයි.

ඒවගේම, 2025 පෙබරවාරි මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය) -6.1% ක් දක්වා අඩු වී ඇති අතර, එය 2025 ජනවාරි මාසයේ දී -4.7% ක් ලෙස වාර්තා වන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *