දැනුම් දෙන්නේ නැතුව ඇයි මෙහෙම කළේ

පවතින වැසි තත්ත්වය පහව යනතුරු යාල ජාතික වනෝද්‍යානය වසාදැමීමට තීරණය කළ බව යාල ජාතික උද්‍යානය භාර මනෝජ් විද්‍යාරත්න මහතා පවසනවා.

පසුගිය දින දෙක තුළ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් යාල ජාතික උද්‍යානයේ මාර්ග බොහොමයක් ජලයෙන් යටවී ඇති බවත්, වනෝද්‍යානය තුළ ඇති වැව් ඉවුරු කිහිපයක් කඩාගෙන ගොස් ඇති බවත් ඔහු සඳහන් කරනවා.

මේ හේතුවෙන් වන සතුන්ගේ ආරක්ෂාව මෙන්ම සංචාරකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් අද (01) සිට වැසි තත්ත්වය පහව යනතුරු යාල ජාතික උද්‍යානය වසා දැමීමට තීරණය කළ බව සඳහන් වෙනවා.

ඒ අනුව, යාල කලාප අංක 1 ට අදාළ කටගමුව හා පලටුපාන පිවිසුම් දොරටු වසාදමා තිබෙනවා.

කෙසේ වෙතත්, කිසිඳු දැනුම්දීමකින් තොරව ගත් මෙම තීරණය හේතුවෙන් මුදල් ගෙවන ලද සංචාරකයින් දැඩි අපහසුතාවට ලක්ව ඇති බව, මේ පිළිබඳව අදහස් දැක්වූ යාල සෆාරි ජීප් රථ එකමුතුවේ සභාපති තරිඳු ජයසිංහ සඳහන් කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *