ඇමෙරිකාවට යනවා කියලා ප‍්‍රංශෙට ගියෙ ඇයි?

තෙදින නිල සංචාරයක් ආරම්භ කරමින්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රංශයට ගොස් තිබෙන බව වාර්තා වෙනවා.

මෙම සංචාරයේ ප‍්‍රධාන අරමුණ ලෙස සඳහන් වෙන්නේ, ඉන්දීය-ප්‍රංශ සබඳතා ශක්තිමත් කිරීමයි.

විශේෂයෙන් ම ප්‍රංශ ජනාධිපති සමග ඉහළ මට්ටමේ සාකච්ඡා පැවැත්වීමටත්, ්ෂ ක්‍රියාකාරී සමුළුවේ සම සභාපතිවරයා ලෙසත්, ඉන්දියාවේ කොන්සල් කාර්යාලයක් විවෘත කිරීමටත් මෙහිදී සැලසුම් කර තිබෙනවා.

පෙබරවාරි 10 සිට 12 දක්වා ප්‍රංශයේ රැඳී සිටින අගමැති මෝදි, ප්‍රංශ ජනාධිපති මැක්‍රොන් සමග ඉන්දීය-ප්‍රංශ උපායමාර්ගික හවුල්කාරිත්වය සඳහා 2047 හොරයිසන් මාර්ග සිතියමේ ප්‍රගතිය ද සමාලෝචනය කරනු ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඒ වගේම, මෙම ප්‍රංශ සංචාරයෙන් අනතුරුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අමෙරිකාව බලා පිටත්ව යාමට නියමිත බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *