ඇයි මේ ඕස්ට්‍රේලියාව බයවෙලා

ඕස්ට්‍රේලියාව විසින් චීනයේ නවතම AI මෘදුකාංගය වන DeepSeek වෙත තහනමක් පනවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව, ඕස්ට්‍රේලියාවේ සියලුම රජයේ උපාංග සහ පද්ධතිවලින් DeepSeek තහනම් කර තිබෙනවා.
ජාතික ආරක්ෂාවට අවදානමක් පවතින බව පවසමින් ඕස්ට්‍රේලියාව මෙම පියවර ගෙන තිබෙන බවත්, මෙම තහනම් යෙදවුමේ චීන සම්භවය නිසා පමණක්ම නොව එය ජාතික ආරක්ෂාවට ඇති පිළිගත නොහැකි අවදානම නිසා පැනවූ බවත්, ඕස්ට්‍රේලියානු රජය අවධාරණය කර තිබෙනවා.