ඇයි මේ හදිසියේ රැස්වෙන්නේ?

කථානායකවරයා විසින් ලබන 14 වනදා පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් කැඳවා තිබෙන බව වාර්තා වෙනවා.
අග්‍රාමාත්‍යවරියගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16 හි විධිවිධාන ප්‍රකාරව එම විශේෂ පාර්ලිමේන්තු රැස්වීම කැඳවා ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය සඳහන් කරනවා.
ඒ අනුව, ලබන 14 වනදා පාර්ලිමේන්තුව පෙරවරු 09.30 ට රැස්වීමට නියමිත අතර, එම රැස්වීමට සහභාගී වන ලෙස කථානායකවරයා විසින් සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම්දී තිබෙනවා.
මෙදින පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් :විශේෂ විධිවිධාන* පනත් කෙටුම්පතට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති පෙත්සම්වලට අදාළව ලැබීමට නියමිත තීරණය කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම්දීමට නියමිතව තිබෙන බවත්, අදාළ පනත් කෙටුම්පත සළකා බැලීමට අදාළ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ද රැස්වීමට නියමිත බවත් වාර්තා වෙනවා.