ඇයි මේ වෙලාවෙ මේ විදිහට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම මඟින් සහාය දක්වන ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ තුන්වන සමාලෝචන වාර්තාව අද (28) දින එම අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

අද (28) පස්වරුවේ පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණි ජනාධිපතිවරයා මේ වනවිට සභාව අමතමින් සිටින බව වාර්තා වෙනවා.

එයින් සුබදායි ප්‍රතිඵලයක් ලැබෙනු ඇති බව තමා විශ්වාස කරන බවත් ආර්ථිකය අතින් ඉතාමත් ශක්තිමත් ස්ථාවරයකට රට ගමන් කරමින් ඇති බවත් එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසනවා.

“තමුන්නාස්සේලා කල්පනා කරනවා නම් ආර්ථික අර්බුදයක් හරහා බලය ඩැහැගන්න. ඒක අවසන් දැන්. මතක තියා ගන්න. ආණ්ඩු පෙරළුනේ විවිධ හේතු මත බව අතීතයේ සිදුව තිබෙනවා. ආර්ථික අර්බුදයක් හේතුවෙන් ආණ්ඩුව වට්ටනවා කියන දේ සිහිනයක් පමණයි. ඒවා වෙන්නේ නෑ.”

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *