ආක්‍රමණශීලී ජලජ ජීවීන් ලංකාවට ගෙනාවේ ඇයි?

ආක්‍රමණශීලී ජලජ ජීවීන් 3,500 කට වැඩි ප්‍රමාණයක් නීතී විරෝධීව මෙරටට රැගෙන ආ සැකකරුවන් 3 දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළේදී රේගු භාරයට ගෙන තිබෙන බව වාර්තා වෙනවා.

තායින්ලන්තයේ සිට එම ජීවින් මෙරටට රැගෙනවිත් ඇති බව ශ්‍රී ලංකා රේගුව ප්‍රකාශ කරන අතර, අත්අඩංගුවට පත්ව ඇත්තේ 26 හා 31 හැවිරිදි සැකකරුවන් දෙදෙනෙක් හා 22 හැවිරිදි සැකකාරියකි.

ඔවුන් එම ජලජ ජීවින් මෙරටට ගෙන ඒමට තැත් කර ඇත්තේ, ගමන් මලුවල සඟවා ගෙන වන අතර, මෙවැනි ජීවීන් මෙරට ජල පද්ධතිවලට මුද්‍ර හැරීමෙන් ජෛව විවිධත්වයට හානි වීමේ බරපතල තර්ජනයක් මතුවන බව රේගුව පෙන්වා දෙනවා.

සැකකරුවන් හා ආක්‍රමණශීලී ජලජ ජීවීන් සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග සඳහා සත්ව වසංගත නියාමන දෙපාර්තමේන්තුව වෙත භාරදුන් බව රේගුව පවසනවා.

මෙම ආක්‍රමණශීලී ජීවින් මෙරටට ගෙන්වීමේ උත්සාහය පිටුපස ඇති ජාලය හා අරමුණු අනාවරණය කරගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කර ඇති බව ද ශ‍්‍රී ලංකා රේගුව සඳහන් කරනවාä

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *