ඩීසල් මිල අඩු වුණු නිසා බස් ගාස්තු අඩු වෙනවද?

ඩීසල් මිල රුපියල් 12 කින් අඩු වුවද බස් ගාස්තු සංශෝධනය කිරීමේ හැකියාවක් නොමැති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා.
බස් ගාස්තුව සඳහා ඉන්ධන මිල පමණක් බලනොපාන අතර, සෙසු සියලු පිරිවැය ඉහළ ගොස් ඇති බව අද 01 පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටිනවා.
එමෙන්ම බස් ගාස්තු සංශෝධනයක් සිදු කිරීමට නම් ඩීසල් මිල රු 25 ත් 30 ත් අතර ප්‍රමාණයකින් අඩු විය යුතු බව ඔහු එහිදී කියා තිබෙනවා.