ගාලූ කොටුවට ප‍්‍රශ්නයක් වෙයිද?

ප්‍රසිද්ධ සංචාරක පුරවරයක් වන ඓතිහාසික ගාලු කොටුවේ රැම්පාට් විදියේ කොටු පවුර ආසන්න මාර්ගයේ කොටසක් ගිලා බැස තිබෙන බව වාර්තා වෙනවා.
අඩි පහක පමණ විෂ්කම්භයකින් යුක්ත අඩි දහයක කොටසක්, මෙලෙස ගිලා බැස තිබෙන අතර, ගිලා බැස ඇති කොටසේ ගැඹුර අඩි පහක් පමණ වන බව පැවසෙනවා.
මේ හේතුවෙන් රැම්පාට් විදියේ ගිලා බැස ගිය කොටස වසා දැමීමට බලධාරින් පියවර ගෙන තිබෙන බව සඳහන් වෙන අතර, මින් පෙර මෙම ස්ථානයේ ගිලා බැසීමේ සලකුණු තිබුණු බවත් ඒ සම්බන්ධයෙන් බලධාරීන් කිහිපවිටක් දැනුවත් කළකළ බව ප්‍රදේශවාසීන් පවසනවා.