ඒක තීරණාත්මක කෑම පැයක් වෙයිද?

මෙවර අයවැය මඟින් අත්තනෝමතික ලෙස, තම දීමනා කප්පාදු කිරීමට විරෝධය පළ කරමින් දිවයිනේ සියලු රෝහල් ඉදිරිපිට අද (27 දින පැයක කාලයක් විරෝධතා ක්‍රියාමාර්ගවල නිරත වන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසනවා.
අද පස්වරු 12.00 සිට 1.00 දක්වා, දහවල් කෑම පැය තුළ එම විරෝධතාවයේ නිරත වන බවත්, මෙම විරෝධතාවයෙන් රෝහල් කටයුතුවලට බාධා නොවන බවත් එම සංගමයේ උප සභාපති නාලක හෙට්ටිආරච්චි මහතා සඳහන් කරනවා.
මේ අතර අතීකාල පැය සීමා ගැටලුවක් මුල් කරගනිමින් අද දිනයේ නැගෙනහිර පළාත තුළ පමණක් අසනීප නිවාඩු වාර්තා කිරීමේ සංකේත වැඩවර්ජනයක නිරත වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරනවා.
මේ අතර, මෙවර අය වැය මඟින් විදුහල්පතිවරුන් සදහා අපේක්ෂා කළ දීමනා නොලැබීම සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කරන බව විදුහල්පති ශ්‍රේණී නිලධාරීන්ගේ සංගමය පවසනවා.
ඊට විරෝධය පළ කරමින් ඉදිරියේ දී සියලු විදුහල්පති ශ්‍රේණී කොළඹට කැඳවීමට තීරණය කර ඇති බවත් එම සංගමයේ ලේකම් නිමල් මුදුන්කොටුව මහතා සඳහන් කරනවා.