ඒක ඉන්දියාවට පහසු ඉලක්කයක් වෙයිද?

ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (09) පැවැත්වෙන අවසන් මහා තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය පන්දුවාර 50 තුළදී කඩුලු 7ක් දැවී ලකුණු 251ක් රැස්කිරීමට සමත් වී තිබෙනවා.

ඒ අනුව ඉන්දීය කණ්ඩායම ලකුණු 252ක ජයග්‍රාහී ඉලක්කයක් කරා ගමන් කළ යුතු වෙනවා.

නවසීලන්ත ඉනිම ඔසවා තැබූ ඩැරිල් මිචෙල් පන්දු 101 කදි ලකුණු 63ක් රැස්කර අතර, ඊට අමතරව මිචෙල් සැන්ට්නර් නොදැවී ලකුණු 53ක් රැස්කිරීමට සමත් වුණා.

ඉන්දියාව වෙනුවෙන් වරුන් චක්‍රවර්තී (2/45) හා කුල්දීප් යාදව් (2/40) කඩුලු 2 බැගින් දවාගැනීමට සමත් වී තිබෙනවා.

මෙම තරගය ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දිවාරාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වෙන බව වාර්තා වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *