මේ සැරේවත් සාර්ථක වෙයිද ?

ගාසා තීරයේ සටන් විරාම ගිවිසුම සඳහා වන සාකච්ඡා සඳහා සහභාගී වීමට හමාස් සංවිධානය සුදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව, හමාස් සංවිධානයේ නියෝජිතයින් ඊජිප්තුවේ කයිරෝ නුවරදී සටන් විරාමයට අදාළ මැදිහත්කරුවන් සමග මේ වන විට සාකච්ඡා පවත්වා ඇති බව වාර්තා වෙනවා.
මේ අතර, සටන් විරාම ගිවිසුමට අදාළ සාකච්ඡා සඳහා සිය කණ්ඩායමක් කටාර් රාජ්‍ය වෙත පිටත් කර හැරීමට කටයුතු කරන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර තිබෙන අතර, ගාසා තීරයේ යළි සටන් විරාමයක් ප්‍රකාශ කිරීමේදී හාමාස් සහ ඊශ්‍රායලය අතර මැදිහත්කරුවන් ලෙස ඊජිප්තුව සහ කටාර් රාජ්‍ය කටයුතු කරනු ලබනවා.
ගාසා තීරයේ පළමු සටන් විරාමය මාර්තු මස 01 වනදායින් අවසන් වුවා.
