අවසානයේදී ඒක ඒකපාර්ශවීය කැමැත්තක් වෙයිද?

රුසියාව සමග සටන් විරාමයක් සඳහා යුක්‍රේනය එකඟතාවය පළ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඊයේ 11 සෞදි හී දී, යුක්‍රේන සහ අමෙරිකානු නියෝජිතයින් අතර පැවති සාකච්ඡාවක දී මෙම එකඟතාවය පළකර ඇති බව එම මාධ්‍ය සඳහන් කරනවා.
ඒ අනුව දින 30ක කාලයක සටන්විරාමයක් සඳහා යුක්‍රේනය එකඟතාව පළ කර ඇති බව සඳහන් වන අතර, කෙසේවෙතත් සටන් විරාමය පිළිබඳව රුසියාවේ අදහස මෙතෙක් පළ කර නැති බවයි වාර්තා වෙන්නේ.
