මාධ්‍යවේදී කීත් නොයාර්ට සාධාරණයක් වෙයිද?

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහරදීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (02) දහවල් අත්අඩංගුවට ගත් සැකකරු ඇප මත මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය අද (03) නියෝග කර තිබෙනවා. ඒ රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි.

සැකකරු අද ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් හේමාලි හාල්පන්දෙණිය මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ඔහුට විදෙස් ගමන් තහනමක් ද පනවනු ලැබූ අතර, එලෙස ඇප මත මුදාහැරියේ කෝණාර මුදියන්සේලාගේ ඉන්දික ලලිත් ජයරත්න නැමති යුද හමුදා බුද්ධි අංශයට අනුයුක්තව සේවය කළ විශ්‍රාමික සෙබළෙක්වයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරු ඊයේ අත්අඩංගුවට ගැණුනේ කුරුණෑගල ප්‍රදේශයේදී වන අතර, ඔහුත් සමග තවත් සැකකරුවන් දෙදෙනෙකු ඊයේ අත්අඩංගුවට ගැණුනු අතර ඔවුන් ද ඇප මත මුදා හැර තිබෙනවා.

කෙසේ වෙතත්, මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහරදීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් ගණන දහතුනකි.

නඩුව ඔක්තෝම්බර් මස 13 යළි කැඳවීමට නියමිත බව වාර්තා වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *