සරම්ප ආයෙත් එන්නද යන්නේ?

දශකයක පමණ කාලයකට පසු ඇමරිකා එක්සත් ජනපදයෙන් සරම්ප මරණ දෙකක් පසුගිය දිනවලදී වාර්තා වූ බව ඇමරිකානු සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි පවසන බව විදෙස් මාධ්‍ය සඳහන කර තිබෙනවා.
මෙම දිනවල ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් නගරයේ සරම්ප රෝගය වසංගතයක් ලෙස පැතිර යන බව පවසා ඇති ඇමරිකානු සෞඛ්‍ය ලේකම්වරයා, ඇමරිකාවෙන් සරම්ප මරණ වාර්තා වී ඇත්තේ දශකයක පමණ කාලයකට පසුව බව සඳහන් කර තිබෙනවා.
පෙරේදා (26) පැවැති ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රථම කැබිනට් රැස්වීමට සහභාගි වෙමින් සෞඛ්‍ය ලේකම් කෙනඩි මෙම තොරතුරු අනාවරණය කර තිබෙන බව සඳහන් වෙනවා.
මේ වන විට ටෙක්සාස් ප්‍රාන්තයෙන් වාර්තා වී ඇති සරම්ප මරණ දෙකෙන් එක් අයකු සරම්ප රෝගය වැලඳීමෙන් පසු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි, සරම්ප එන්නත ලබා නොගත් කුඩා දරුවකු බව සෞඛ්‍ය ලේකම් කෙනඩි පවසා තිබෙන අතර, මියගොස් ඇති දෙවැනි සරම්ප රෝගියා සම්බන්ධයෙන් ඔහු තොරතුරු කිසිවක් අනාවරණය කර නොමැත.