මේ සාකච්ඡාවෙන් පස්සෙවත් සාමය උදා වෙයිද?

යුක්‍රේන සාම ගිවිසුම සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අතර සාකච්ඡාවක් අද (18) පැවැත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එහිදී අදාළ සාම ගිවිසුම සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණීමට නියමිත බව එම මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත් යුක්‍රේන සාම ගිවිසුමට අදාළ බොහෝ කරුණු පිළිබඳව මේ වන විටත් රුසියානු ජනාධිපතිවරයා සමඟ එකඟතාවකට පැමිණ ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.

අද දිනයේ ව්ලැද්මීර් පුටින් සමඟ දුරකථනය ඔස්සේ සාකච්ඡාවක් පවත්වා රුසියානු – යුක්‍රේන සාම ගිවිසුම ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව සාකච්ඡා කරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙන බවත් සඳහන් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *