ජපානය ගැන කියන අනාවැකිය ඇත්තක් වෙයිද?

ඉදිරියේදී ජපානයට ප්‍රබල භූකම්පනයක් ඇති වීමේ ප්‍රවණතාවයක් පවතින බව එරට රාජ්‍ය වාර්තා උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබෙනවා. මෙම භූකම්පනය පැසිෆික් වෙරළ තීරය ආශ්‍රිතව ඇතිවිය හැකි බවට ද පුරෝකථනය කර තිබෙනවා.
එම භූ කම්පනය රික්ටර් පරිමාණයේ ඒකක 8 – 9 ත් අතර අගයක් ගත හැකි බවත්, භූකම්පනයෙන් ජීවිත 300,000ක් පමණ අහිමිවිය හැකි බව ද අදාළ වාර්තා හෙළිදරව් කර තිබෙනවා.
විශේෂයෙන් ම එම භූකම්පනය ඇති වුවහොත් ජපානයට සූනාමි තත්ත්වයක්ද ඇති විය හැකි බවත්, ගොඩනැගිලි සිය ගණනක් විනාශ විය හැකි බවත්, භූකම්පනය හේතුවෙන් ජපානයේ ආර්ථිකයට ඩොලර් ට්‍රිලියන 1.81 ක් පමණ අහිමි විය හැකි බවත්, අදාළ වාර්තාවල සඳහන් වෙනවා.
කෙසේ වෙතත්, ජපාන රාජ්‍ය වාර්තා සඳහන් කර තිබෙන්නේ, මෙම භූකම්පනය ඇති වීමේ ඉඩ පවතින්නේ, 80% ක් බවයි.
