මේකෙන්වත් සෑහිමකට පත්වෙයිද?

වී ගොවිතැන ආරක්ෂා කිරීමේ අරමුණින් මෙවර අයවැයෙන් තීන්දු රැසක් ගෙන තිබෙනවා.
2024 – 2025 මහ කන්නයේ සිට ප්‍රමාණවත් වී තොග පවත්වාගෙන යෑමට අපේක්ෂා කරන බව අද (17) පාර්ලිමේන්තුවේ දී අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා පවසනවා.
එම කන්නය සඳහා රු මිලියන 5,000 ක් වී මිලදී ගැනීමට වෙන්කර ඇති බවද පැවසු ජනාධිපතිවරයා, පොහොර සහනාධාරය සඳහා මේ වසරට රුපියල් මිලියන 35,000 ක් වෙන්කරන බව ද කියා සිටියා.
ඒ වගේම, කෘෂිකර්මාන්තයට අදාළව යාවත්කාලීන කළ දත්ත සහ තොරතුරු පද්ධතියක් ස්ථාපිත කරන බවත් පවසන ජනාධිපතිවරයා, වී සහ සහල් එකතු කිරීමට හා ගබඩා කිරීමට අලෙවි මණ්ඩල පනත සංශෝධනය කිරීමටත් මෙවර අයවැයෙන් යෝජනා කර තිබෙනවා.
කෘෂිකර්මාන්තය මුලික කරගෙන ව්‍යාපාර ආරම්භ කරන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා රුපියල් මිලියන 500 ක් වෙන් කරන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.