අදත් රස්නෙ දවසක් වෙයිද?

අද (21) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී, ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙනවා.

්ඒවගේම, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණ තත්ත්වයක් පවතින බවත් එම නිනේදනයේ සඳහන් වෙනවා.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරු-මැද පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි අතර, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් ද කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *