ඇතුවත් බැරි නැතුවත් බැරි වැස්ස

පොළොන්නරුව දිස්ත්‍රික්කය ඇතුළු මහවැලි බී කලාපයට දින කිහිපයක් තිස්සේ ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ප්‍රධාන ජලාශ රැසක් සහ වැව් කිහිපයක වාන් දොරටු විවෘත කර තිබෙන බව වාර්තා වෙනවා.

ඒ අනුව, කන්තලේ ජලාශයේ වාන් දොරටු 10 ම විවෘත කර ඇති අතර, කවුඩුල්ල වැවේ වාන් දොරටු 02 ක්ද විවෘත කර තිබෙනවා.

මේ අතර, මාදුරුඔය, කුඩාඔය පිටාර ගැලීමෙන් සහ වැසි ජලය හමුවේ ප්‍රදේශ රැසක අස්වනු නෙළීමට තිබූ කුඹුරු අක්කර දෙදහසකට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමෙන් ගොවීන් දැඩි පීඩාවට පත්ව සිටින බවද වාර්තා වෙනවා.

එමෙන්ම පැවති අධික වැසි හමුවේ ඌව පරණගම කහටතලාව ප්‍රදේශයේ පිහිටි වතු නිවාස පෙලක් පිටුපස පිහිටි පස් කන්දක් නායයෑමට ලක්ව තිබෙන අතර, මේ හේතුවෙන් එක් වතු නිවසකට හානි සිදුව ඇතැයිද සඳහන් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *