සමාජ සාධාරණත්වයක් වෙනුවෙන් වීදි බැස්ස කාන්තාවන්

ස්ත්‍රී දූෂණ සහ ප්‍රචණ්ඩත්වය ඉහළයාමට විරෝධය පාමින් බංග්ලාදේශයේ කාන්තාවන් රට පුරා වීදි බැස ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
මෙම වසරේ මුල් කාලසීමාවේ බංග්ලාදේශයේ කාන්තාවන් සහ ළමුන් 298 දෙනෙකු ලිංගික හිංසනයට ලක්වී ඇති බව වාර්තා වන අතර, මෙයින් ළමුන් 44 දෙනෙකු ඇතුළු කාන්තාවන් 98 දෙනෙකු දූෂණයට ලක්වී ඇති බවත් සඳහන් වෙනවා.
වෙනත් ආකාරයේ ප්‍රචණ්ඩත්වයන්, විශේෂයෙන්ම මැර ප්‍රචණ්ඩත්වය ද දේශපාලන අස්ථාවරත්වය හමුවේ රට තුළ ඉහළ ගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
හිස ආවරණය කර නොසිටීම නිසා ඩකා විශ්වවිද්‍යාලය තුළදී ද ශිෂ්‍යාවකට හිරිහැර සිදුවී තිබෙන අතර, විරෝධතා සඳහා එක්වී සිටින කාන්තාවන් පවසන්නේ කාන්තාවන්ට එල්ලවන හිංසනයන්ට එරෙහිව බලධාරීන් කටයුතු කළ යුතු බවයි.
