ලෝක නායකයින්ගේ සහය ඉන්දියාවට

ජම්මු – කාශ්මීරයේ ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන පහල්ගම් හිදී පුද්ගලයින් 26 දෙනෙකුට දිවි අහිමි කරමින් පසුගියදා සිදුකළ ත්‍රස්ත ප්‍රහාරය එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් විසින් හෙළාදැක තිබෙනවා.

එමෙන්ම සිවිල් ජනතාවට එරෙහි ප්‍රහාර කිසිඳු තත්ත්වයක් යටතේ පිළිගත නොහැකි බවද එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා අවධාරණය කරනවා.

මේ අතර, යුරෝපා සංගමය ද ඉන්දියාවට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය හෙළාදැක තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

යුරෝපා සංගමය පෙන්වා දෙන්නේ මෙම සිදුවීමෙන් ඉන්දියාව බිඳ දැමීමට නොහැකි වනු ඇති බවත්, මෙම පීඩාකාරී තත්ත්වයේදී ඉන්දියාව තවත් ශක්තිමත් වනු ඇති බවත් යුරෝපා සංගමය ඉන්දියාව සමග සිටින බව සඳහන් කර තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *