වාර්තාගත දරුණුම සමූහ වෙඩි තැබීම

ස්වීඩනයේ ස්ටොක්හෝම් අගනුවරට බටහිරින් පිහිටි ඔරෙබ්‍රෝ රිස්බර්ග්ස්කාහි උසස් අධ්‍යාපන ආයතනයක සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සිද්ධිය අතරතුර වෙඩි වැඳීමෙන් තුවාල ලැබූ බොහෝ පිරිසක් රෝහල් ගත කර ඇති අතර, මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

මේ අතර, ස්වීඩනයේ අග්‍රාමාත්‍ය උල්ෆ් ක්‍රිස්ටර්සන් පවසා තිබෙන්නේ, ස්වීඩන් ඉතිහාසයේ දරුණුතම සමූහ වෙඩි තැබීම මෙය ලෙස හැඳින් වියහැකි බවයි.

කෙසේ හෝ මියගිය පිරිස අතර වෙඩික්කරුද සිටින බව සඳහන් වෙනවා.

අදාළ සැකකරු මෙම වෙඩි තැබීම සඳහා කුමන වර්ගයේ ගිනිඅවියක් භාවිත කළේද යන්න සහ වෙඩි තැබීම සිදුකළ ආකාර සම්බන්ධයෙන් තොරතුරු තවමත් අනාවරණය වී නොමැති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *