ඇත්තටම එහෙම වුණොත් අත්හරියිද?

යුක්‍රේනයට නේටෝ සාමාජිකත්වය ලබා දෙනවා නම් තමන් ජනාධිපති ධුරය වුවත් අත්හැරීමට සූදානම් බව එරට ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පවසනවා. විදෙස් මාධ්‍ය විසින් ජනාධිපති සෙලෙන්ස්කිගෙන් කළ විමසීමකදී ඔහු මේ බව පවසා තිබෙනවා.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය දිනකදී යුක්‍රේන ජනාධිපතිවරයා, ඒකාධිපති පාලකයෙකු ලෙසින් හැඳින්වූ අතර එතැන් පසු නායකයන් දෙදෙනා අතර තරමක විරසකයක් නිර්මාණය වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
ඒ අනුව ජනධිපති ට්‍රම්ප් තමන් ඒකාධිපතියෙකු යැයි හඟවමින් සිදුකළ ප්‍රකාශයටද සෙලෙන්ස්කි මෙම මාධ්‍ය හමුවේදී ප්‍රතිචාර දක්වා තිබෙන අතර, ඔහු පවසා ඇත්තේ දශකයක් ජනාධිපති වීම තමන්ගේ සිහිනය නොවන බවයි.
එමෙන් ම යුක්‍රේනයට සාමය ගෙන එනවා නම් තම ධුරයෙන් ඉවත් වන බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.