අද රාත‍්‍රී කාලය සැලකිල්ලෙන් ඉන්න වෙයි

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින්, ප්‍රබල අකුණු සහ තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

අද පස්වරුවේ නිකුත් කරන ලද එම නිවේනදය අද රාත්‍රී 11.00 දක්වා වලංගු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ඒ අනුව, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත් සහ අම්පාර දිස්ත්‍රික්කයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතිනවා.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර, අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් එම නිවේදනය මගින් ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *