දේශීය කිරි කර්මාන්තය ගැන විශේෂ සාකචඡාවක්

දේශීය කිරි කර්මාන්තය කාර්යක්‍ෂම හා ඵලදායී ව්‍යාපාරයක් ලෙස ඉදිරියට ගෙන යා යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ පැවති සාකචඡාවකදීයි.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.
මෙම සාකච්ඡාව සඳහා කෘෂිකර්ම පශූ සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේගඩීග ලාල්කාන්ත මහතා හා අමාත්‍යාංශයේ නිලධාරීන් මෙන්ම මිල්කෝ ආයතනයේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක්ද එක්ව සිටි බව සඳහන් වෙනවා.
දේශීය අවශ්‍යතා සපුරාලීම සඳහා මිල්කෝ ආයතනය සහ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය කාර්යක්‍ෂම හා ඵලදායී ව්‍යාපාරයක් බවට පත් කිරීම පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණා.
දේශීය කිරි කර්මාන්තයේ පිරිවැය අවම කරමින් සහ පවත්නා සම්පත් තුළින් උපරිම ප්‍රයෝජන ගනිමින් වෙළඳපොළ කේන්ද්‍රකරගත් කාර්යක්‍ෂම හා ඵලදායී ව්‍යාපාරයක් ලෙස ඉදිරියට ගෙන යෑමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළ බව සඳහන් වෙනවා.
ඒ වගේම, පසුගිය වසරට වඩා මේ වසරේ මුල් කාර්තුවේදී මිල්කෝ ආයතනයේ නිෂ්පාදන ධාරිතාවේ වර්ධනයක් දක්නට ලැබෙන බවද මිල්කෝ ආයතනයේ නිලධාරීන් මෙහිදී පෙන්වා දී තිබෙනවා.
