පාසල් රැසකට අද සිට 25 දක්වා නිවාඩු

සිරි දළදා වන්දනාව හේතුවෙන් මහනුවර නගර සීමාව ආශ්‍රිත පාසල් රැසකට අද සිට 25 දක්වා නිවාඩු දී තිබෙන බව වාර්තා වෙනවා.

දළදා වන්දනාව සඳහා දැනට වෙන්කර තිබෙන දින ගණන යම් හෙයකින් දීර්ඝ කළහොත් එම පාසල් තවදුරටත් වසා තැබෙන බව මධ්‍යම පළාත් අධ්‍යාපන කාර්යාලය සඳහන් කරනවා.

මහනුවරට ආරක්ෂාව වෙනුවෙන් යොදවා ඇති පොලීසියේ හා ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට නවාතැන් දීම සඳහා එම පාසල් වෙන්කර තිබෙන අතර, ඊට අමතරව දළදා වන්දනාවේ පැමිණෙන ආබාධිත හා වැඩිහිටි පුද්ගලයින්ට අවශ්‍යතාව මත නවාතැන් ලබා දීම සඳහා ද එම පාසල් යොදා ගැනීමට නියමිතයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *