රට රැකියාවකට යන්න කැමතිනම් දැන ගන්න

ඉදිරියේදී රජය විසින් දකුණු කොරියාව, ජපානය සහ ඊශ්‍රායලය යන රටවල විදේශ රැකියා අවස්ථා ලබාදීමට අපේක්ෂා කරන ආකාරය පිළිබඳ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් මහතා පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව, ඉදිරියේදී දකුණු කොරියාවේ රැකියා අවස්ථා 7,600 ක ප්‍රමාණයක් ශ්‍රී ලාංකිකයින් වෙත ලබාදීමට අපේක්ෂා කරන බවත්, ජපානයේ රැකියා අවස්ථා 9,300 ක පමණ ප්‍රමාණයක් සහ ඊශ්‍රායලයේ රැකියා අවස්ථා 15,900 ක පමණ ප්‍රමාණයක් ලබාදීමට අපේක්ෂා කරන බවත්, මන්ත්‍රීවරයා පවසනවා.

මෙම රැකියා ඉදිකිරීම්, ධීවර, කෘෂිකර්ම, සත්ත්ව අභිජනන සහ සේවා අංශ යන ක්ෂේත්‍රයේ සඳහා ලබාදෙන බවත්, මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කරනවා.

මේ සම්බන්ධව වැඩිදුරටත් අදහදස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් මහතා,

“අපි අපේක්ෂා කරනවා රටවල් කිහිපයක් එනම් කොරියාව, ජපානය සහ ඊශ්‍රායල වගේ රටවල්වල රැකියා අවස්ථා ලබාදෙන්න. අපි ගත්තොත් දකුණු කොරියා රාජ්‍යයට රැකියා 7,600ක් පමණ ලබාදෙන්න කටයුතු කරනවා. ඒ වගේම ඊශ්‍රායල රාජ්‍යටත් අපි රැකිය 15,900ක් පමණ ලබාදෙන්න අපි අපේක්ෂා කරනවා. ඒ වගේම ජපාන රාජ්‍යයටත් අපි SSW වැඩසටහන යටතේ රැකියා 9,300ක් ලබාදීමට අපි අපේක්ෂා කරනවා.”

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *